ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි

 ''අපි ඉතාම  ධනවත් මිනිස්සු .අපට නැති දෙයක් නැහැ .ඒත් ...,

මගේ තාත්තා ගොඩක් අසාද්‍ය වෙලා මරණය පෙනී පෙනී විඳවමින් හොයපු දේ , ඔහු ඒ එකතු කරපු මහා ධනස්කන්දයෙන් මිලදී ගන්න පුළුවන් දෙයක් නෙමයි .

ඔහු හම්බකරපු මහා ධනස්කන්දය ගෙදර සේප්පු වල පුරවලා තියෙද්දී මරණාසන්න ඔහු  හෙව්වේ කිසිම වියදමක් නැතුව නිකම්ම නිකන් නොමිලේ ලැබෙන නිදහස් හුස්ම ටිකක් ..ඔහුට ඕන උනේ පිරිසිඳු හුස්ම ටිකක් ...''

මේ පෘතුගාලයේ සැන්ටන්ඩර් බැංකු ජාලයේ සභාපති අන්තෝනියෝ පියෝරා පසුගියදා කොරෝනා වලින් මිය ගිය පසු ඔහුගේ දියණිය විසින් අන්තර්ජාලයේ තැබූ සටහනකි .😌

එවන් වූ මේ මොහොතේ හෝ ඔබට ,මට 

ජීවිතයේ අත්‍යවශ්‍ය ම දෑ සඳහන් කරන්න කිව්වොත් ..ඒ ලිස්ට් එක ,

අංගසම්පුර්ණ නිවසක් 

රෝද හතරේ වාහනයක් 

ලස්සන පවුලක් 

තමන්ගේම ව්‍යාපාරයක් ..............

තව කොච්චර දේවල් නම් ලියන්න තියෙයිද ?

ඒත් ඒ කිසිම දේක අපි හිතපු තරම් සතුට සැනසීම නෑ කියල තේරුණේ කොරෝනා ඇවිත් අපිව ගෙවල් වල බිත්ති හතරට හිර කලාට පස්සේ ..

දැන්වත් තේරුම් ගමු , අපි අර ලිස්ට් එකේ ලියපු දේවල් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය  දේවල් තමයි ,හැබැයි ඒ කිසිම දෙයක් අත්‍යවශ්‍ය  දේවල් නම් නෙමෙයි !!

භවුතික දේවල් වලට වහ වැටිලා තණ්හාවෙන් මිරිකිලා මුළු ජීවිතේම ,සල්ලි පස්සේ පිස්සුවෙන් වගේ හඹාගෙන ගියාට.. ..ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල් සොබාදහම අපිට නොමිලයේම දීලා ....

අපි හුස්ම ගත්තේ නොමිලේ ...

අපි පය ගැහුවේ පොළවේ ...

වතුර ලැබුනේ අහසෙන් ...

එලිය ලැබුනේ හිරුගෙන්...

මේ කිසි දේකට අපි සොබාදහමට ගෙවීමක් කලේ නැහැ , ඒ විතරක් නම් මදෑ කන්න දීපු අත හපාකන න්‍යාය යොදාගෙන පුළුවන් තරම් සොබා දහම් විනාශ කළා ...

තණ්හාවෙන් මිරිකිලා දේපල සල්ලි පොදි ගැහුවා , මන්දිර හැදුවා , මොන්ටෙරෝ ගත්තා ,LUXURY LIFE එකකට ඕන කරන හැමදේම එකතු කළා ...

සල්ලි වලට මේ ලෝකෙ මොනවද කරන්න බැරි ? අපි හිතුවෙ එහෙම ....

වුහාන් වලින්  කොරෝනා ආවා ...කොරෝනා මහ ලොකු පොරක් නෙමෙයි මේ සාමාන්‍ය හෙම්බිරිසා උණක් ...

හැබැයි ලෝකෙම විනාශ කරන්න පුළුවන් මිසයිල හදපු , හඳට ගිහින් එහෙත් ප්ලෑන් ගහපු , ලෝකේ ලොකුම රටවල් ඔක්කොම මේ වයිරසේ  ළඟ දන ගැස්සුණා .....

අර අපි අත්‍යවශ්‍යයි කියල එකතු කරපු සල්ලි වලට , හැමදේම ගන්න පුළුවන් උනාට පිරිසිඳු හුස්ම මිලදී ගන්න බැරි උනා .....නිරෝගී කම මිල දී ගන්න බැරි උනා !!!

ජීවිතයට වැදගත් වන සියල්ල ඔබට මිලදී ගත හැකි බව ඔබ තාමත් විශ්වාස කරනවද ?

✍උපේක්ෂා ලියනගේ



Post a Comment

0 Comments