අපි හැමෝම දේශපාලනික සත්වයෝ

 කවුරු කොහොම කිව්වත් අපි හැමෝම දේශපාලන සත්වයෝදේශපාලනයෙන් යැපෙන සත්වයෝ. ඇරිස්ටෝටලුත් එක අවස්ථාවක කියනවා මිනිස්සු වෙච්ච අපි හැමෝම දේශපාලනික සත්ත්වයෝ කියලා.

ආර්ථිකයනීතී පද්ධතියසමාජ වටපිටාවඅධ්‍යාපන ක්‍රමය විතරක්‌ නෙමෙයිගෙදර ඉදෙන බත් ඇටේටත් දේශපාලනය ඍජුවම බලපානවා.මේස් එක අනිත් පැත්ත පෙරළෙනවා වගේ දියවන්නාව සම්පුර්ණයෙන් හෝදලා දාලා උගත්,බුද්ධිමත් ,අත්දැකීම් සහිත පරිචය පිරිසක්‌ මේ මොහොතේවත් ඕක ඇතුලට නොගියොත්දශකයකට අඩු කාලෙකදී තවත් සුඩානයක් බිහිවීම IMF එකට තියා සක්‍රයටවත් නවත්තන්න බෑ. හැමදාම වගේ එකම රොටිය දෙපැත්ත පෙරලුනොත් රට යන තැන තියා.. රට තියෙන තැනක්වත් හොයා ගන්න බැරි වෙනවා. හැමදේම වෙනස් විය යුතු උනාටඒ වෙනස වෙනුවෙන් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක උඩු යටිකුරු කිරීමක් උනත්  ප්‍රමාණවත්, උදාහරණයක් විදිහට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලානීතී පද්ධතිය තද කලානම් හොරු දේශපාලනයට එන්නේ නැහැහොරකම් වෙන්නෙ නැහැ.දේශපාලනය කියන්නෙ තවත් එක රස්සාවක් විතරක්  කරලා, සුදුසුකම් සපුරපු පිරිස ඒකට යොදවල හොඳට පඩි ගෙවලාවැඩ බාරදීලා වැඩේ කරන්න බැරි අයව දොට්ට දාන තත්වයක් තමයි දැන් ඕනෙ,රටට ආදරේ මිනිස්සුකියලා ලොවෙත් නැති ජාතියක් හොය හොය ගිහිල්ලා රට පාලනය කරලා දෙන්නකෝ..’ කියලා එයාලට කිරුළු දම්මලාදැන් ලෝකෙ ඉස්සරහ හිඟා කන ජාතියක් උනාට, පස්සෙවත් හැමෝම එකා වගේ  විකාශනයක් වෙනුවෙන් එකතු නොවුනොත් ,ලංකාව තිබ්බ තැනක් වත් හොයාගන්න බැරි වෙන දවස වැඩි ඈතක  නෙමෙයි. ආර්ථිකය හසුරවන්න දන්නමොළේ කලඳක් හරි එක්ක,හෘද සාක්ෂියෙන් බාගයක් හරි තිබ්බ පාලකයෝ දෙතුන් දෙනෙක් හරියට හිටියනම් දල ජාතික නිෂ්පාදනයවත් ආර්ථිකය සංක්‍යාතවත්,යුක්රේන් යුද්දෙවත්ගෝලීය වසංගතේවත් රටක් විදිහට ලෝකෙ ඉස්සරහ හිඟමනේ යන්න තරම් එච්චර ප්‍රශ්න නෙමෙයි.මේ හැමදේටම ලොකුම ප්‍රශ්නෙ ලැජ්ජ නහර කපාගෙන දේශාපාලනය කරන දේශපාලුවෝ.ඉගනගන්නලෝකෙ දිනන්නරට සවාරියන්නඅළුත් දේවල් හොයාගන්න හීන දැකපු ජාතියක බහුතරයක් අද,බත් පිඟානක්,ගෑස් සිලින්ඩරයක්පාන් බාගයක්, ,ඩිසල් ලීටරයක් වෙනුවෙන් හීන දකින තත්වෙට පත් කරපු ,ක්‍රියාවලියේ ආනිසoඑදා ඊයෙ අද මේ තුන් කාලයේ දියවන්නාවට පය ගහපු හැමෝටම එක එක ප්‍රමාණයන්ගෙන් අනුමෝදන් වෙන්න ඕනෙ. රටේ ඇත්තම තත්වේ හොඳටම පේන්නේ ඒක ඇතුලේ ඉන්න අයට නෙමෙයිපිට ඉන්න අපිට. අන්න ඒ නිසයි මේ දවස් වල මෙච්චර අපි විඳවන්නේ….

 අපිට දේශපාලනයක් නැහැ.කවුරු දිනුවත් එකයිඅපි හම්බ කලොත් අපි කනවා,” කියලා තහඩු දෙකකටඅරක්කු බෝතලේට, බත් පැකට් එකට,රට බාරදෙන එක ලෝක අපරාධයක් කියන්නෙ මෙන්න මේ නිසයි.

✍ උපේක්ෂා ලියනගේ 


Post a Comment

0 Comments