දුශියෙන්ගෙන් ලැබුන ආත්මීය ශක්තිය

 ගුරුවරයා යනු ආලෝකයේ මාවත පෙන්වන්නා වේ..! සමහරවිට ඔහුද ආලෝකය සොයාගෙන යන්නෙක් විය හැකිය ..! ශ්‍රේශ්ඨ ගුරුවරයෙකු වීමට සමහර විට උපාධි හෝ කිසිම සුදුසුකමක් අවශ්‍ය නැත . . අවශ්‍ය වන්නේ හදවතේ ගැබුරුම තැනෙන් නැගෙන අව්‍යාජ ප්‍රේමනීය ආමන්ත්‍රනය කි. ..! ගුරුගීතයේ දුශයින් සැබෑම මිනිසෙකි .. ! එවැන්නන් සමහරවිට පහලවන්නේ ඉතාම කලාතුරකින් වුවත් , පිදුරු සෙවිලිකල ,  ශීතලින් බේරීමට ගොම එකතුකොට සෑදූ උදුනින් තම සිසුන් උනුසුම්කොට තමාට තේරේන උපරිම ශක්තියෙන් ඈත තිබෙන විශාල නගර , මුහුදු , විශාල නැවු,  බිහිසුනු සටන් , විශාල මොස්කවු නගරය  හා ඒ ශ්‍රේශ්ඨ විප්ලවීය නායකයාවන ලෙනින් ගැන ඉගැන්වූ ඒ අපූරු පාසැලේ ගුරුවරයානන් වන දුශියෙන්ගෙන් ලැබුන ආත්මීය ශක්තිය අල්තීනායි මෙතරම් දුරක් රැගෙන ආ බව ඇය හොදින්ම දනී , අල්තීනායි කොතරම් තම ගුරුවරයාට ආදරය කරත් , ඇය තම ගමට පැමිනි දිනයේ අල්තීනායි මහාචාර්ය තුමිය මහත් හරසරින් පිලිගැනීමට මුලු අයිලයම සැදී පැහැදී සිටියත් , තමාගේ ජීවිතය ආලෝකයේ මාවතට ගෙනයාමට තම මුලුමහත් ලේ , මස් , ඇට නහර කැපකල , පියෙකුගෙන් , සහෝදරයෙකුගෙන් නොලැබුනු අව්‍යාජ ප්‍රේමය දුන් තම හදවතේ ගැබුරුම තැනේ හද ගැස්ම අදද  උරුමකරගෙන සිටින ඒ අපුර්ව පුර්ෂයා නැත , දුශියන් නැත . .!  ඔහු රිජු මිනිසෙකි..! ඔහු තම යුතුකම අකුරටම කලත් , ඉන් කිසිදු වාසියක් හෝ අන් කිසිවෙකුගේ අවදානමක් ගැනීමට සිතුවේ නැත ..! ඔහු අදත් තම අධ්‍යාත්මයේ  ඇතුලින් නැගෙන කිසියම් වූ ශක්තිමත් බලයක් තුලින් පාලනය වන්නා සේ අකුරටම තම රාජකාරියේය..! සැබැ මිනිස්සු මෙසේය..!  ගුරු ගීතයෙහි දුශියන් හා අල්තීනායි ..! වචනයෙන් කිව නොහැකි කිසියම් වූ විශ්ව ආමන්ත්‍රනයක් සේය..!

✍උපේක්ෂා ලියනගේ

Post a Comment

0 Comments