ජීවිතේ වැදගත්ම චරිත ටික උපරිම සාදරණයෙන් රඟපාන්න

හොඳ මිනිස්සු?????🤔🤔🤔


ඔබ හොඳ මිනිස්සු දැකලා තියනවද ? 

ඔබට  නරක මිනිස්සු හම්බෙලා තියනවද ?

ප්‍රශ්න දෙකටම  උත්තරේ .....''ඔව් ''

හොඳ මිනිස්සු දැකලා තියනවා , නරක මිනිස්සුත් හම්බෙලා තියනවා .

හැබැයි හරි උත්තරේ ''නැහැ ""

මේ ලෝකෙ හොඳ මිනිස්සු නැහැ , නරක මිනිස්සුත් නැහැ ...

මේ ජීවිතේ කියන රඟමඩලේ අපි හැමෝම චරිත ගණනාවක් රඟ පානවා .

දෙමව්පියො ළඟ දරුවෙක් , බිරිඳ ළඟ සැමියෙක් , සැමියා ළඟ බිරිඳක් , දරුවො ළඟ අම්මෙක් හරි තාත්තෙක් හරි , පාරෙදි මගියෙක් , ඔෆිස් එකේදී කෙනෙක්ගේ බොස් කෙනෙක් තවත් කෙනෙක්ගෙ සේවකයෙක් , යාළුවෙක් , සහෝදරයෙක් , වගේ මෙකී නොකී තවත් චරිත කීයක්නම් අපි රඟපානවද ?

මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ හැම චරිතයකටම සාදාරණ වෙන්න බැහැ .

සමහර පිරිමි ඉන්නවා තාත්තා කියන චරිතෙට උපරිම සාදාරණයි හැබැයි සැමියෙක් කියන චරිතේදි ෆේල් .එතකොට ඒ මනුස්සය දරුවෝ ඉස්සරහ හොඳ කෙනා  බිරිඳ ඉස්සරහ නරක මිනිහෙක් වෙනවා  .

ගොඩක් මිනිස්සුනට නරක කෙනෙක් ඔබට ඉතා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් වගේම ගොඩක් අය හොඳයි කියපු කෙනෙක් ඔබට ලෝකෝත්තර වංචාවක් කරලා පැනලා යන්න පුළුවන් .

කෙනෙක්ගේ ජීවිතේ දුෂ්ටයා තවත් කෙනෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් .

හොඳ ක්‍රිකටර් කෙනෙක් වෙලා රට දිනවපු කෙනෙක් දේශපාලකයෙක්ගේ චරිතෙට අවතීර්ණ උනාම  රට කන පල් හොරෙක් වෙන්න පුළුවන් .

මේක තමයි අපි හැමෝගෙම යථාර්තය , අපි හැමෝම හැම චරිතෙටම සාදාරණ නැහැ .සමහර චරිත  පාස් සමහර චරිත  ෆේල්.

එක චරිතයක් සාර්ථකව රඟ පෑවා කියන්නෙ ඒ කෙනා සර්ව සම්පුර්ණයෙන් හොඳ කෙනෙක් වෙලා , එක චරිතයක් ෆේල් උන කෙනෙක් සම්පුර්ණ නරක කෙනෙක් වෙන්නෙ නැහැ .

ඔබ ඉදිරියේ හොඳ කෙනෙක් උන පලියට කෙනෙක් ඇත්තටම හොඳ කෙනෙක් වෙන්නෙ නෑ වගේම , ඔබට නරක කෙනක් හැමවිටම නරක කෙනෙක් වෙන්නෙත් නැහැ .

අපි හැමකෙනාම අවස්තානුකුලව , තැන අනුව සහ කෙනා අනුව රඟපාන චරිතේ වෙනස් කරනවා .

තමන්ගෙ ජීවිතේ  වැදගත්ම චරිත ටික හරියට අඳුරගන්න බැරි වෙච්ච මිනිස්සු ජීවිතේ පටලගන්නවා.

ජීවිතේ වැදගත්ම සහ ආදරණීයම චරිත වලට සාදාරණ නොවී වැදගත්ම චරිත අමතක කරලා මගදී හම්බෙන කසි කබල් පොඩි පොඩි චරිත වලට ඕනෑවටත් වඩා බර දීපු බොහොමයක් මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා ,අන්තිමට කාත් කවුරුත් නැතුව තනිවෙනවා .

මුලින්ම ජීවිතේ පුරාවට දිවෙන වැදගත්ම චරිත ටික අඳුරගන්න .ඒ චරිත වලට උපරිම සාදාරණ වෙන්න .පොඩි පොඩි චරිත වලට පොඩි පොඩි අසාදාරණ කම් උනාට කමක් නැහැ .

හැමෝම ඔබ ඉදිරියේ හොඳ මිනිස්සු වෙන්නෙ නෑ වගේම ඔබටත් ජීවිතේ හම්බෙන හැම කෙනෙක් ඉස්සරහම සුදු චරිතයක් වෙන්න බැහැ .එහෙම වෙන්න ඕනෙත් නැහැ .පුළුවන් හැම වෙලාවෙම රඟපාන චරිතෙට සාදාරණ වෙන්න බලන්න .සමහරවිට ඔබ සාර්ථක වෙයි ඒ වගේම අසාර්ථකත් වෙයි .

රඟපාන හැම චරිතෙටම අති සාදාරණ වෙන්න කාටවත් බැහැ ,ජීවිතේ වැදගත්ම චරිත ටික උපරිම සාදරණයෙන් රඟපෑවම ඒ හොඳටම ඇති .

හොඳ මිනිස්සු  හොයන්න එපා ,නරක මිනිස්සු කියල කාටවත් බෝඩ් ගහන්නත් එපා .

අපි  කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි ,නරක මිනිස්සුත් නෙමෙයි .

රඟපාන චරිතය අනුව විටක හොඳ ,විටක නරක ,හොඳ සහ නරක මිශ්‍ර වුනු මිනිස්සු ඒකයි ඇත්ත !!!

✍උපේක්ෂා ලියනගේ





Post a Comment

0 Comments