සරසා ගැනීමට ඔබටම ජීවිතයක් තිබියදී පිටස්තර ලෝකයේ සැරසිලි දෙස බලා විදවීම නවතා දමන්න

 ඔබේ වේදනාවන්ම.. ඔබේ ශක්තිය බවට හරවාගන්න..


ඔබට දැනෙන දුක.. කලකිරීම.. තනිකම.. අසරණකම..

ආත්මානුකම්පාව සමග මිශ්‍ර   කර නොගන්න. 

ඒ වෙනුවට ඒ හැගීම් ආත්මශක්තිය සමග මිශ්‍ර කරන්න. 

වැටෙන හැම මොහොතකම.. ඔබ ඔබවම නැගිටුවාගන්න. 

ඔබටම අත දෙන්න. කිසිවෙකුගේ උපකාර ආධාර.. අනුකම්පාව අපේක්ෂා නොකරන්න. 

ඒ වෙනුවට ඔබ ඔබටම උපකාර කරගන්න. 

ඔබ ඔබටම ආධාර කර ගන්න. 

අන් අයගේ අනුකම්පාව බලපොරොත්තු වනවා වෙනුවට.. ඔබ අන් අයට අනුකම්පා කරන්න..

ඔබේ ජීවිතය ටිකෙන් ටික ශක්තිමත් නූලකින් පරිස්සමට වියමන් කර ගන්න. 

කඩමාලු ජීවිතයේ ඉරුණු තැන් නොපෙනෙන සේ වසා දමන්න. 

දිරා ගිය තැන් සොයා බලා පිලිසකර කරගන්න. 

ඒ සදහා උදව් ඉල්ලමින් පිටස්තර කොන්ත්‍රාත්කරුවන් පසුපස නොයන්න. 

ඔබම නිර්මාණශිල්පියෙකු වී ඔබවම නිර්මාණය කරගන්න. 

ඔබේ ජීවිතය තුළ කිසිවෙකුගෙනුත් ණයට ගත් කිසිවක් තබා නොගන්න. 

ඔබේම අදහස් ඔබේම සැලසුම්.. ඔබේම ආශාවන් වලට අනුවම නිමවන එය ඔබේම ලෝකය බවට පත් කරගන්න. 

ඔබ විසින් නිර්මාණය කරන ලද ලෝකය තුළ ඔබට.. අසීමිත නිදහසක් දැනෙනු ඇත.

ඒ නිදහස සැනසීමෙන් විදින්න. 


සරසා ගැනීම සදහා ඔබටම ජීවිතයක් තිබියදී 

පිටස්තර ලෝකයේ සැරසිලි දෙස බලා විදවීම නවතා දමන්න.

✍උපේක්ෂා ලියනගේ



Post a Comment

0 Comments