කඩුවක් පන්නරය ලබන්නේ ගින්දරෙන් හා කුළුගෙඩි පහර වලින්

තෝමස් දවසක් එයා අලුතින්ම ලියපු පුතේ පොතේ අත්පිටපතක් අරගෙන් යාළුවෙකුගෙ ගෙදර ගියා.පොතේ සෝදුපත් බලන්න දෙන්න. පොතේ විස්තර, එහි වැදගත්කම, එය ලියන්නට ගත් වෙහෙස මහන්සිය ගැන කෝපි කෝප්පයක් තොලගාමින් විස්තර කළ තෝමස් හැකි ඉක්මනින් එහි සෝදුපත් කියවා අවසන් කර දෙන මෙන් ඉල්ලා සිටියා. තෝමස් සමුගෙන ගිය පසු තමන්ගේ කන්තෝරු කාමරයට ගිය තෝමස්ගේ මිතුරා තෝමස්ගේ අත් පිටපපිටපත කියවන්න පටන් ගත්තා. එදින සවස් කාලයේ වෙනත් වැඩකට නිවසින් බැහැරව යාමට සිදුව තිබුණු නිසාත්, තෝමස් ගේ කාර්යය හැකි ඉක්මනින් අවසන් කර දීමට තිබුණු නිසාත් තමන් කියවමින් සිටි අත්පිටපත ඒ අයුරින්ම මේසය මත තබා ඔහු නිවසින් නික්ම ගියා. මේ අතර තම දවසේ අවසන් කාර්යය වූ වූ නිවස පිරිසිදු කිරීමෙහි යෙදෙමින් සිටි මෙහෙකාරිය, කන්තෝරු කාමරයට ආවා. කවදාවත් නැතිව හාම්පුතාගේ මේසය හැඩි කරමින් මේසේ පුරා විසිරී තිබුණු කඩදාසි ගොන්න ද කුණු කූඩයට දමා ගෙන ගොස් සුපුරුදු පරිදි අනිත් කුණුත් සමග ගිනි තිබ්බා. ගිය කාර්ය ඉක්මනින් නිම කළ තෝමස්ගේ මිතුරා සෝදුපත් කියවීම අවසන් කළ තැන සිට පටන් ගන්නා අටියෙන් නිවසට ගොඩ වුණා. මේසය මත තිබුණු අත්පිටපත නැති බව දුටු ඔහුට සිදුවී ඇති දෙය අවබෝධ වන්නට වැඩි වෙලාවක් ගියේ නෑ. සියල්ල සිදු වී අවසන්. දැන් කරන්නට කිසි දෙයක් ඉතිරි වී නෑ. ඉතිරිව ඇති එකම දෙය සිදු වූ දෙය තෝමස්ට පවසා සමාව අයදීම පමණි. දැවී අළුව ගිය කොළ ගොඩ දිහා බලාගෙන මිතුරා කල්පනා කළා. ලැබුණු පණිවිඩයට අනුව තෝමස් පසුදා උදෙන්ම මිතුරා හමු වීමට ගියා.කණගාටුව හා ශෝකයෙන් බරිත ව මිතුරා සිදු වූ සියල්ල තෝමස්ට කිව්වා. “දෙයියනේ,මාස විසි විසි හතරක් පුරාවට මම ගත්ත වෙහෙස, මහන්සිය වතුරේ ගියා.” තෝමස්ට මුළු ලෝකෙම නැවතුනා වගේ දැනුනා. බොහෝ වේලාවක් නිහඬව කල්පනා කළ තෝමස් මිතුරාගේ නිවසින් සමුගත්තා.දවස් දෙක තුනක් සිදු වූ දේ ගැන කල්පනා කරමින් සිටි තෝමස් තීරණයක් ගත්තා. මම පොත් ආයෙත් ලියනවා.” තෝමස් ඒ පොත ආයෙත් ලිව්වා. මහන්සි නොබලා තවත් අවුරුදු දෙක හමාරක් පුරාවට නැවත ලිව්වා. ඒ පොත සියවස් හතරක් ගත වෙලත් අදටත් ලෝක සාහිත්‍යයේ හොඳම පොත් දහය අතර තියෙනවා ඒ තමයි තෝමස් කාලයිල්ගේ The French Revolution (ප්‍රංශ විප්ලවය) කියන පොත.

කඩුවක් පන්නරය ලබන්නේ ගින්නෙන් හා කුළුගෙඩි පහර වලින්, ඒක හිතේ තියාගෙන ජීවිතේට මුහුණ දෙන්න. වේදනාවන්ට හා පරාජයන්ට ඉඩ දෙන්න. ඔබ පරාජයන්ට ඉඩ දෙන ප්‍රමාණයට ඔබ ශක්තිමත් වෙනවා.” ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයෙක් වුණු අබ්දුල් කලාම් කියනවා.

If you never give up

Because F.A.I.L means

“ First Attempt In Learning ”

වැටීම කියන්නේ නැගිටීමේ ආරම්භයයි. අසමත් වුණු කිසිවිටෙක දුක් වෙන්නේ නැතිව උත්සාහ කරන්න ඔබේ සිහිනය සැබෑ වෙනව නොඅනුමානයි.

✍උපේක්ෂා ලියනගේ

Post a Comment

0 Comments