ජීවත් වෙනවා කියන්නේ තනිකරම සුන්දර විඳීමක්

 

 💧ලෝකයා අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න යන්න එපා.

 

💧ප්‍රශ්නෙ නොගැළපෙනවා නම්, ප්‍රශ්නෙ අහපු කෙනා නොගැළපෙනවා,නම් ඒත් උත්තර දෙන්න යන්න එපා.

 

💧අනවශ්‍ය චෝදනා වලට, බොරු චෝදනා වලට ප්‍රතිචාර දක්වන්න එපා.

 

💧ඔබව නොතේරෙන අයට ඔබව පැහැදිලි කරන්න මහන්සි වෙන්න එපා.

 

💧ජීවිතේ එක එක කොන්වලින් අල්ලන් බාගෙට ජීවිතේ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට ජීවිතේ ගැන පැහැදිලි කරන්න යන්න එපා.

 

💧දෙයක් තේරුම් කරන්න බැරි බව දැන දැනත් අමාරුවෙන් තේරුම් කරන්න මහන්සි වෙන්න එපා.

 

💧ඔයාට බනින හැමෝටම බනින්න යන්න එපා.

 

💧එකම දෙයක් වෙනුවෙන් නිතර නිතර ඉල්ලීම් කරන්න එපා.

 

💧මෝඩයොත් එක්ක තර්ක කරන්න එපා.

 

💧කපටියොත් එක්ක වාද කරන්න එපා.

 

💧කෝටියක් ආශ්‍රය කලත් ගැලපෙනම අය මිසක් හදවතේ ලිස්ට් එකට දාගන්න එපා.

 

ජීවත් වෙනවා කියන්නේ, එක එකා එක්ක වලි කකා, තර්ක කර කර, ලෝකෙට උත්තර දිදී කරන විවාද තරඟයක් වත් කුකුල් පොරයක්වත් නෙමෙයි.

     ඒක තනිකරම මානසික ආනන්දයක්,  සුන්දර විඳීමක්..💜

 ඒක සැනසිල්ලේ විඳගන්න නම් ඕන වෙන්නෙ එකම එක දෙයයි.

 ඒ තමයි,

                     "    මානසික සැනසීම "

 කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම ම විදිහකින් ඔයාගේ මානසික සැනසීම, මානසික නිදහස,අවුල් කරන්න ඉඩ තියන්න එපා.

 ඔයා,මොනදේ උනත් , කවදාවත් කාගෙවත් මානසික නිදහසට බාධා කරන්නත් එපා.

 මිනිස්සු විදිහට මේ ලෝකෙ හැමෝම ජීවත් වෙන්න පුදුම ගේමක් දෙනවා.සතුටෙන් ඉන්න පුදුම කට්ටක් කනවා.ඒ නිසා කාගෙවත් ජීවිතයක දුකට හේතුවක් වෙන්න එපා.

 අන්න එතකොට මානසික සැනසීම මැරෙනකම්ම ඔයා ලඟින්ම රැඳෙයි.💜


✍උපේක්ෂා ලියනගේ



Post a Comment

0 Comments