රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ දාගන්න සැලැස්මේ පත්කල නියමුවන්

රටේ ආර්ථිකය පහලටම වැටුන  වෙලාවක්. අලුත් ජනාධිපති කෙනක් වගේම අලුත් අගමැති කෙනක් පත් උන වෙලාවක්. මේ එක්කම රටේ සමහර මිනිස්සු ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට ගොඩදායි කියලා. සමහර අය  කියනව එතුමාට ආර්ථික, දේශපාලන වගේම ජාත්‍යන්තර අතින් හොඳ දැනුමක්‌ තියෙනවා කියලා. අනික, ගොඩක් අය කියනවා ලොකු පුස්තකාලයක් එතුමාට තිබුන කියලා..  මේ ඔක්කම අස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා  රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ දාගන්න සැලැස්මේ නියමුවන් පත්කලා... ඒ කියන්නේ ගරු ඇමතිවරු... 

සාමාන්‍යයෙන් ඕනෑම රටක ඇමතිවරු පත්කරන්නේ, ඔවුනේ අධ්‍යාපන සුදුසුකම් සහ ඒ  ඒ විෂයන් සම්බන්දයෙන් ඔවුන්ගේ ඇති විශේෂ දැනුම පදනම් කරගෙන.ලෝකයේ අනෙක් රටවල් එසේ වුවද, පොතපතේ එලෙස සඳහන් වුවද... අමුතු ඇටයේ ඉපදුනු , අමුතු මිනිස්සු ඉන්න රටේ එසේ නොවේ. එහෙම කියන්න හේතුව තමයි  කාලා කෝක් බීලා, බෙහෙත් පෙත්තේ side-effects හොයන අමුතු මිනිස්සු ඉන්න රටක් මේක.. හොඳම කඩෙන් රෙදි ඇඳගෙන, හොදම quality බඩුත් අරන් ,හොදම හොරු දියවන්නාත් යවලා ඊට පස්සේ රට ඉවරයි, කියන අමුතු මිනිස්සු ඉන්න රටක් මේක.

ඒ දේවල් කොහොම වුණත් රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ දාගන්න සැලැස්මේ නියමුවන් දැක්කහම හිතට එන්නෙ තවත් ලොකු දුකක්. අලුත් අවුරුද්දට ගෙදර තිබුන  කැබිනට් එකේ  බඩු පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා අස්කරලා දානවා වගේ වැඩක් මෙතනත් වුණේ. මේකෙන් වුණේ හොරුන්ව රකින්න තවත් හොරු ටිකකට ආයෙත් බලය හම්බවුණ එක. 

ශ්‍රී ලංකාව ගොඩ දාන්න පැමිණි අලුත් ජනතිපතිතුමාගේ හොදම සුපිරිම 18ට දෙනාගේ තොරතුරු දෙස බැලූ විට රට ගොඩදායි කියලා හිතෙන එක කෙසේ වෙතත් තියෙන ටිකත් නැති වෙයිද කියන බය දැනෙනවා.කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයාගේ අධ්‍යයන සුදුසුකම උසස් පෙළ පමණයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගේ අධ්‍යයන සුදුසුකම වනුයේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා නායකත්වය කළමනාකරණය පිළිබඳ  ඩිප්ලෝමාවක් හදාරා තිබීම පමණයි. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ අධ්‍යයන සුදුසුකම ව්‍යාපාර අධ්‍යනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා තිබීම පමණයි. 

මේ නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පමණි. සුදුස්සා සුදුසු තැනට පත් නොකිරීමේ ආදීනව මේ වන විට ජාතියක් වශයෙන් අප භුක්ති විඳිමින් සිටී. වර්තමානයේදී ද මෙවැනි තීන්දු ගැනීම හරහා අනාගතයේදී ද මෙවැනිම වර්තමානයක් ලිය වෙතැයි සාධාරණ සැකයක් අප තුළ පවතී. සුදුස්සා සුදුසු තැනට පත් නොකිරීමෙන් ඔවුන්ට ඒ තුළ කිරීමට යමක් නොපවතියි. එවිට මොවුන්ගෙන් වංචාව,දූෂණය, පරිසර හානි හැර වෙනත් යමක් බලාපොරොත්තු වීම  අසීරු වේ.

✍ උපේක්ෂා ලියනගේ 

https://www.parliament.lk/en/members-of-parliament/directory-of-members









Post a Comment

0 Comments