දොස්තර මහත්තයා සහ තාත්තා

හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට යුහුසුලුව ඇතුළු වූයේය. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිට සැනසුම් සුසුමක් හෙලුවේය. ඔහු වෛද්‍යවරයා දුටු ගමන් ඔහු වෙත කඩා පැන්නේය.

ඇයි ඔයා එන්න මේ තරම් වෙලා ගත්තේ..... මගේ පුතාගේ ජීවිතේ අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි......

වෛද්‍යවරයා සිනාමුසුව පිළිවදන් දුන්නා…..

මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන්ම මම පිටත් වුණා. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ......

කලබල නොවී ඉන්න........? කලබල නොවී ඉන්නෙ කොහොමද? ඔයාගේ පුතාට මෙහෙම දෙයක් වුණොත් ඔයා කලබල නොවී ඉන්නවද..? ”

පියා කෝපයෙන් ශාලාව ගිගුම් දෙන්න කෑගැහුවා........

සිනහ මුසුව ඔහු දෙස බලා හුන් වෛද්‍යවරයා ඉන්පසුව පිළිතුරු දුන්නේ මෙහෙම....

මිනිස්සු ඉපදෙනවා… ඒ වගේම මැරෙනවා.... වෛද්‍යවරයෙකුට ඒක නවත්වන්න බෑ…. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා…”

මහලොකුවට උපදෙස් නම් දෙනවා..” තාත්ත හෙමින් මිමිණූවේය.

සැත්කමට පැය කිහිපයක් ගත වුණ. ශල්‍යාගාරයෙන් වෛද්‍යවරයා එළියට ආවේ ප්‍රසන්න බවකිනි.

ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගෙ ජීවිතේ බේරුනාඔයාට දැනගන්න දෙයක් තියෙනවා නං  නර්ස්ගෙන් අහගන්න.

එහෙම කියලා වාහනයට නැගපු වෛද්‍යවරයා හදිසියෙන්ම රෝහලෙන් පිටත් වුණා.

එයා  ඇයි එච්චර ආඩම්බර? මගේ පුතා  ගැන විස්තරයක් වත් අහන්න කලින් මග ඇරලා ගියා.”

පියා හෙදියට කීවේ නොරිස්සුම් සහගතවය.

හෙදියගේ ඇස් රතු වෙලා මුහුණ හැඟුම්බරයි. තාත්තා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

ඔයා දන්නවද ඊයේ සිද්ධ වුණු ඇක්සිඩන්ට් එකකින් එයාගේ පුතා මැරුණා. අද තමයි අවසන් කටයුතු. ඔයාගේ පුතාගේ ජීවිතය බේරලා දීලා එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ අවසන් කටයුතු සිද්ධ කරන්න.

තවත් කෙනෙකුට චෝදනා කරන්නවත්, බනින්නවත් හදිස්සි වෙන්න එපා. සමහර වෙලාවට මේ ලෝකෙ යථාර්ථය අවබෝධ කරගත් දෙවිවරු වගේ මිනිස්සු අපේ පුහුදුන් බව නිසා අපට වැරදිකාරයෝ වගේ පෙනෙනවා. ඔවුන් අපට මඟ හැරෙනවා

✍ උපේක්ෂා ලියනගේ 

Post a Comment

0 Comments